සිරකරුවන් 350කට හෙට දින නිදහස

සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350ක් පමණ හෙට දින එනම් (12) දිනයේ සිරකරු දිනය වෙනුවෙන් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්‍ය සමාව සිරකරුවන්ට පිරිනමන බවය.