කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් දුම්රිය කිහිපයක් මේ වනවිට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.
මෙසේ සිදුව ඇත්තේ දුම්රිය බලවේග කට්ටල 12ක් ධාවනයෙන් ඉවත් කරීමට සිදුව ඇති බැවිනී.
එම බලවේග කට්ටල අලුත්වැඩියා කටයුතු සඳහා රත්මලානේ පිහිටි දුම්රිය අංගණය වෙත යොමුකර ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් එහි පවතින කාර්මික නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් එම අලුත්වැඩියා කටයුතු ප්රමාද වන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.