වෙලේ සුදාගේ සිරකුටියෙන් ජංගම දුරකථනයක් හමුවෙයි

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන වෙලේ සුදාගේ සිර කුටිය තුළ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

හදිසි පරික්ෂාවකදී බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන ජංගම දුරකතනයක් සොයා ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකායේ බූස්ස බන්ධනාගාර කදවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුවය.

බන්ධනාගාරයේ විශේෂ අංශයේ ඒ කොටසේ අංක 38 සිර කුටිය පරික්ෂාවට ලක් කර ඇති අතර එහි පිටුපස කොටසේ තිබී සිම්පත් රහිත ජංගම දුරකතනය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙයි.

විශේෂ කාර්ය බලකාය පවසන්නේ, එය වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දුන් බවයි.