මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් ඔහු මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
අද (18) අලුයම 12.30 සිට එම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණ බවත් එය ලබා දුන් දුරකථන අංක දෙක ද සමඟ ඔහු පැමිණිල්ල කර තිබෙනවා.
ජංගම දුරකථන අංක දෙකක් භාවිතා කරමින් එලෙස තමාට බැන තර්ජනය කළ බවට ඔහු එම පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
එම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දෙනු ලැබුවේ කාන්තාවක් විසින් බවද පැමිණිල්ලේ සඳහන්ය.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.