ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ට සජිත්ගෙන් පොරොන්දුවක්

මෙවර 5 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් දරුවන්ට සිදුවූ අසාධාරණය තම රජයක් යටතේ නිවැරදි කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

රනිල් වික්‍රමසිංහට ‘පුළුවන්’ යැයි පැවසුවද 05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ‘ලීක්’ වීමකින් තොරව පවත්වා ගැනීමට ද නොහැකි වී ඇති බවයි කෑගල්ල ප්‍රදේශයේ ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ අනුව තම පාලනයක් යටතේ අධ්‍යාපනයේ නිර්මාණය වී තිබෙන විභාග ප්‍රශ්න පත්‍ර ‘ලීක්’ වීමේ කුමන්ත්‍රණය ගැන සොයා බලන බවත්, එම ක්‍රියාව කළ අයට ගත හැකි බරපතළම තීන්දුව ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේය.