අවසන් ජන රැළිවල තොරතුරු විකාශය කිරීමට මාධ්‍ය ආයතනවලට අද දහවල් 12 දක්වා අවසර

මැතිවරණ ප්‍රකාශක කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

කෙසේ නමුත් ඊයේ රාත්‍රීයේ පැවති අවසන් ජන රැළිවල තොරතුරු විකාශය කිරීම සඳහා පමණක් මාධ්‍ය ආයතනවලට අද (19) දහවල් 12.00 දක්වා අවසර ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනය කරනවා.

රූපවාහිනී නාලිකා, පුවත්පත් හා සියලු සමාජ මාධ්‍ය වේදිකා සඳහාද එය අදාළ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ.