අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ තිබෙයි. ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 63ක ජයගැනීමත් සමඟය.
අද එනම් (23) දින සඳහා තරගය ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්රාහි ඉලක්කයක් පසුකර යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියේය.
ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දවාගත යුතුවු අතර නවසීලන්තය ලකුණු 68ක් රැස්කර ගැනීමට අවශ්‍ය විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක්වූ රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91ක් රැස්කරගෙන සිටි අතර අජාස් පටෙල් ලකුණු නොලබා කඩුල්ලේ රැඳි සිටියේය.
තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් අද දිනය ආරම්භ වූ අතර දිනය ආරම්භයේදීම රචින් රවීන්ද්‍ර දවාගත් ප්‍රභාත් ජයසූරීය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය.
ඒ අනුව නවසීලන්තය සිය දෙවන ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 211ක් රැස්කළ අතර ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 340ක් රැස්කළේය.
අද දිනයේදී තරගය ක්‍රියාත්මක වුණේ විනාඩි 15ක් පමණක් වීම විශේෂත්වයකි.