ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් උපරිම කැප කිරීම් කරනවා – ජනපති ජාතිය අමතා කියයි

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිය ධූර කාලය ඇතුළත් උපරිම කැප වී කටයුතු කිරීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේදී පවසා ඇත.

රට තුළ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ජනතාව අපේක්ෂා කරන බව ත් ඒ වෙනුවෙන් කැප වීමට සුදානම් බව සහ රටේ දේශපාලකයා සහ දේශපාලනය පිළිබඳව පොදු පුරවැසියා තුළ පවතින්නේ අයහපත් අදහසක් බව ත් එම නිසා සිය ධූර කාලය තුළදී නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහි මහජනතාවගේ ගෞරවය සහ විශ්වාසයත් ගොඩ නැගීමට කළ හැකි සියල්ල සිදු කිරීමට සුදානම් බවත් ය.