ජනපති රනිල්ගෙන් නික්මයෑමේ නිවේදනයක්

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනවයෙන් නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (22දා) රාත්‍රී නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබුණි.

පසුගිය 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානායක මහතාට රට භාර දෙන බවත් තමන්ට සහායදුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාලමේ ගෙන ආ බවත් අභිනව ජනාධිතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.