ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශකයෙක් පවසා ඇත.
විශේෂයෙන්ම 2022 ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය පවත්වා ගෙන යාමට එමගින් හැකිවෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ තෙවැනි සමාලෝචනය කළ යුතු කාලය සම්බන්ධයෙන් නව පාලනය සමග සාකච්ඡා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.