ජනපති හමුවන්න ඉන්දීය විදෙස් ඇමති මෙරටට

අද (04) දිනයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා මෙරට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යංශයේදී අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.