2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වන අතර ඒ අතරතුර කිසිදු ප්රචාරක කටයුත්තක් සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.
නිහඬ කාලයේ දී ඡන්ද ආයාචනා කිරීමට ගෙන් ගෙට යෑමද පෙළපාළි පැවැත්වීම ද නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
කෙසේවෙතත්, අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.