මහ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් අද (12) දිනයේ සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසනවා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් සහ විශේෂ කාර්ය බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාව ද යෙදවීමට කටයුතු කරන බවයි
නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරන බව ද නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.