චීන – පේරු දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කරමින් චීනය ඉදිකළ චැන්කේ වරාය

චීනය සහ පේරු රාජ්‍ය විසින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව සංකේතවත් කරමින් ඉදි කළ චැන්කේ වරාය ව්‍යාපෘතිය විවෘත කර තිබේ. මීට වසර 500කට පමණ පෙර පේරු හී මුතුන්මිත්තන් වන ඉන්කාවරුන් විසින් ඇන්ඩීස් කඳු ආශ්‍රිතව එහි උතුරු හා දකුණු කලාප හරහා ඉදිකළ ඉන්කා ට්‍රේල් පැරණි මාර්ගයට නව ජීවයක් ලබා දෙමින්ය. මෙම වරාය ව්‍යාපෘතිය හේතුවෙන් පේරු රාජ්‍යයේ සංවර්ධනයට මහත් වූ දායකත්වයක් මෙන්ම චීනය සහ ලතින් අමෙරිකානු කලාපය හරහා වෙළඳ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරමින් පේරු සහ අනෙකුත් ලතින් ඇමරිකානු රටවලට ද භාණ්ඩ ප්‍රවාහනය පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.

මෙම වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි ඩිනා බෝලුආරට් මහත්මිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්ව ඇති අතර එහිදී අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා පැවසුවේ වත්මන් චැන්කේ වරාය “නව යුගයේ ඉන්කා ටේ්‍රල් සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට පත්වෙමින් පවතින බවය.

රාජ්‍ය නායකයින් දෙපළ චැන්කේ වරාය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම, මෙවර සංචාරයේ ප්‍රධාන ජයග්‍රහණයක් සහ විශේෂත්වයක් බවට පත් වූ අතර ඒ තුළින් දෙරට ජනතාව අතර පවතින සදාකාලික මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමක් ද වනු ඇත.

චැන්කේ වරාය විවෘත කිරීම මෙන්ම දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක සහ තවත් ක්ෂේත්‍ර රැසක සාකච්ඡා සමඟින් බහුපාර්ශ්වික සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටීම දක්වාත් මෙන්ම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පේරු රාජ්‍ය වෙනුවෙන් ප්‍රතිඵල රැසක් අත්කර දීමද විශේෂත්වයකි.

එමෙන්ම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය හරහා චීන – පේරු දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කොට අන්‍යොන්‍ය ප්‍රතිලාභ පුළුල් කර ඇති බවත්, චීන – ලතින් ඇමරිකානු සහයෝගීතා සහිගෝලීය දකුණේ සංවර්ධනයට හා පුනර්ජීවනයට නව ජවයක් ලබා දී ඇති බවත් චීන වාර්තාවල වැඩිදුරටත් සඳහන් කර ඇත.