පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට ලබන වසරේ (2025) ජනවාරි මාසයේ පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වෙන නිසා මේ වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවකාශයක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කරයි.
කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් රැසක් මේ වනවිට දේශපාලනය අත්හැර ඇති අතර, ඇතැමුහු රැකියා සඳහා විදෙස්ගතව සිටිති. ඇතැම් අපේක්ෂකයන් මියගොස් ඇත. මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂ මේ වනවිට නොමැති බවද අනාවරණය වේ.
මෙවැනි තත්ත්වයක් මත පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා යළි කැඳවන්නේ නම් එය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතුවේ. ඒ සම්බන්ධව ද රජයේ අවධානය යොමුවී ඇතැයි පැවසේ.
කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙම මස 27 වැනිදා රැස්වීමට නියමිතය.