අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය.
එමෙන්ම මෙම නඩුව ලබන වසරේ මාර්තු 20 වැනිදා යළි කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
බදුල්ල නගරයේදී පසුගිය 11 වනදා මැතිවරණ ප්රචාරක වැඩසටහනක් අතරතුරදී කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැතිවරයා අද (20) උදෑසන බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි.