ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) උදෑසන 09.00 පමණ වනවිට සියලු මන්ත්රීවරුන්ට පැමිණෙන ලෙස දැනුම් දී ඇතිබව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර මහත්මිය පැවසුවාය.
පෙරවරු 10.00ට නව සභාවාරය ආරම්භ වීමට නියමිතයි.
පළමු සභා වාරයේදී මන්ත්රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදු නොවන බව ලේකම්වරිය පැවසුවාය.ඒ අනුව රිසි අසුනක මන්ත්රීවරුන්ට අසුන් ගතහැකි ය.
සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
පළමුව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුවෙයි. පළමුව කතානායකවරයා දිවුරුම් දීම පාර්ලිමේන්තු සම්ප්රදායයි. මන්ත්රීවරුන් දිවුරුම් දීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.