අද (23) දිනයේදී උතුරු උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
දිවයිනට නැගෙනහිර ගිනිකොන දිග බෙංගාල පුක්ක ප්‍රදේශයේ අද දිනය තුළ අඩු පීඩන කලාපය තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. එම නිසා ඉදිරි දින දෙක තුළදී මෙම අඩු පීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි වාර්තා වන්නේ.
දිවයිනේ උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට තද වැසි ඇතිවීමේ තත්ත්වයක් පවතින අතර මේ මස 24,25,26 යන දිනවල මේ තත්ත්වය බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ නිසා බෙන්ගාල බුක්ක ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස දැනුම් දී තිබේ.