උසස් පෙළ විභාගය අද සිට

අද (25) සිට අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය ආරම්භ කරන අතර විභාග මධ්‍යස්ථාන 2,312 කදී විභාගය පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබෙනබව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

සමස්ත අය­දු­ම්ක­රු­වන් 333,183ක් විභා­ගය සඳහා පෙනී සිටින අතර ඉන් 253,390ක් පාසල් අය­දු­ම්ක­රු­වන් බවත් 79,793 පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

මෙවර විභාග ශාලා තුළ ජංගම දුර­ක­තන භාවි­ත­යට අව­සර හිමි වන්නේ විභාග ශාලා­ධි­ප­ති­ව­රුන්ට පම­ණක් වන අතර සහ­කාර විදු­හ­ල්ප­ති­ව­රුන්ට හෝ කාර්ය මණ්ඩ­ල­යට විභාග මධ්‍ය­ස්ථාන තුළ ජංගම දුර­ක­තන භාවි­ත­යට අව­ස්ථාව නොලැ­බෙන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැවසුවා.