නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පෙරවරු 5.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 130ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර අද දින ඉදිරි පැය 12 තුළ සුළු කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බවයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක