මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.257ක අගයකින් සහ විකිණුම් මිල රු.0.535ක අගයකින් පහළ ගොස් ඇත.
එහිදී ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 286.31ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු. 295.04 ලෙස සටහන්ව පවතී.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 286.75 – රු. 294.75
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 284.18 – රු. 295.73
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 287.00 – රු. 294.00
සෙලාන් බැංකුව – රු. 286.55 – රු. 294.05
කොමර්ෂල් බැංකුව – රු. 284.72 – රු. 294.50
අමානා බැංකුව – රු. 288.30 – රු.293.30