අල්ලසකට එරෙහිව ඇමති විජිත කොළඹ මහාධිකරණයට එයි

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය විජිත හේරත් අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිට ඇත.

පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීම තුළින් රජයට පාඩුවක් සිදුකළා යැයි චෝදනා කරමින් එහි හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව ඉකුත් යහ පාලන රජය සමයේ අල්ලස් විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

එම නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ අමාත්‍ය විජිත හේරත් ට අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබූ අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද සාක්ෂි විභාගය පෙබරවාරි මස 05 වන දා දක්වා කල් දමා ඇත.