රැකියා විරහිත උපාධිධාරීන් කිහිපදෙනෙක් අද (29) ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් තිබෙනවා.
මෙම පිරිස ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවට පැමිණිය ද එයට අවස්ථාවක් නොලැබී ඇති අතර ඔවුන් විසින් ලිපියක් භාර දීමට කටයුතු කර ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් සඳහන් කර ඇත්තේ අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන්ට ඉදිරියේ දී දිනයක් ලබා දෙන බවයි.
එහිදී අදහස් දැක් වූ රැකියා විරහිත උපාධිධාරීන් පවසා සිටියේ වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති වීමට පෙර අවස්ථා කිහිපයකදී හමු වී සාකච්ඡා කළ ද එම සාකච්ජා වලදී වර්තමාන ජනාධිපතිවරයා පොරොන්දු වුණේ තමා බලයට පත් වූ විගස රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙසත්, ඒත් ජනාධිපතිපති පත් වෙලා මාස දෙකකට වැඩි කාලයක් ගෙවිලා තිබුණත් තමන්ගේ ගැටලුවලට තවම විසඳුම් ලැබිලා නැතැයි යනුවෙන්.