ෆෙන්ගල් සුළිකුණාටුව අද උතුරු තමිල්නාඩුවට යයි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළිකුණාටුව ඊයේ (29) ප. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280ක පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30) සවස් කාලයේ දී උතුරු තමිල්නාඩු – පුදුචෙරිවෙරළ වෙත ලඟා වනු ඇති බවද සඳහන්.

දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.