විදුලිසැර වැදීමෙන් හෘදය අක්‍රීය වීම නිසා දීග දන්තුගේ මරණය සිදුවූ බවට හෙළිවේ

කලා වැට රක්ෂිතයේ සැරිසැරූ දිගින් වැඩීම දළ යුගල හිමි දිග දන්තු 01 ඇතා මිය යෑමට හේතුවී ඇත්තේ අධික විදුලි ධාරිතාවක් එම සත්වයාට වැදීමත් සමඟ හෘදය අක්‍රිය වීමෙන් බවට ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම ඇතා මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් රක්ෂණ සමාගමක කළමණකරුවෙකු ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුගේ නිවසේ තිබී විදුලි රැහැන් ඇතුලු ඉලෙක්ට්‍රෝනික උපකරණ කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.