පසුගිය නොවැම්බර් මස 29 වැනිදා සිඩ්නි නුවර සිට කටුනායකට පැමිණ නැවත අමෙරිකාවට බලා පිටත්ව යන ගුවන් යානයක හදිසි අවස්ථාවේ ක්‍රියාත්මක කළ යුතු දොර විවර කිරීමට උත්සහ කළ බ්‍රිතාන්‍ය ජාතිකයා අද (02) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු එම ගුවන් යානයේ ආරක්ෂක පටි යොදා ආරක්ෂිතව මෙරටට ගෙනවිත් කටුනායක පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
එහිදී සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගැනීම මත ඔහුට රුපියල් විසි පන්දහසක දඩ මුදලක් නියම කෙරුණ අතර සැකකරු අධික ලෙස බීමත්ව එම හදිසි දොරටුව විවර කිරීමට උත්සහ කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.