ශිෂ්‍යත්ව ලකුණු ලබාදීමේ තීරණය නීතිපති ශ්‍රේෂ්ධිකරණයට දන්වයි

පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නගත ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදීමටද සිසුන් පීඩාවට පත්වෙන බැවින් යළි ශිෂ්‍යත්ව විභාගය නොපැවැත්වීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නිතිපතිවරයා ශ්‍රේෂ්ධිකරණයට අද (02) දින දැනුම් දුන්නේය.

ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණ අතර මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනුකර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දන්වා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වනදා පැවැත්වීමටද නියෝග කෙරුණි.