දසවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කථානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු රැස්වීම ලබන 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ජනාධිපතිවරයා විසින් පසුගිය 21 වැනිදා පළමු සැසිය අරඹමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය අද ආරම්භ වන අතර එය හෙට දක්වා පැවැත්වෙනු ඇත.

ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිත වන අතර ලබන වසරේ පළමු මාස 04 සදහාවන අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ද හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙනු ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා.