මෙම වසරේ (2024) ගතවූ මාස 11 තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 45,607ක් දක්වා ඉහළ නැග ඇති බවත්, ඩෙංගු මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 19,571ක් වෙයි.
මීට අමතරව උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් 19,571 ක් ද, මධ්‍යම පළාතෙන් 4882ක් ද, වයඹ පළාතෙන් 2923ක් ද, දකුණු පළාතෙන් රෝගීන් 3509ක් ද, සබරගමුව පළාතෙන් රෝගීන් 4578ක් ද වාර්තාවූ බව තවදුරටත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා සිටියි.
එමෙන්ම පැය 24ට වඩා උණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවට යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.