මාළු මිල ඉහළ නගියි

පසු ගිය කාලයට සාපේක්ෂව මත්ස්‍ය මිල ගණන් ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සාලයා කිලෝ ග්‍රෑමයක් රුපියල් 400ත් 500ත් අතර, තලපත් රුපියල් 3,000ක්, කෙළවල්ලා රුපියල් 1,400ක්, ඉස්සෝ රුපියල් 1,800 ක් ලෙස සිල්ලර මිලේ සටහන් වෙයි.

වෙළෙඳුන් පවසන්නේ, පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණයත් සමග ධීවරයින් මුහුදු නොයැම මෙම තත්ත්වයට හේතුව බවයි.