බූස්ස බන්ධනාගාරෙන් දුරකථන උපාංග තොගයක් හමුවෙයි

බූස්ස ‍බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී දුරකථන උපාංග තොගයක් සොයාගෙන ඇත.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බන්ධනාගාර රෝහල් භූමිය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක.

එහි දී බන්ධනාගාර රෝහළ තුළ හා බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකථන චාජර් 05ක්, ඩේටා කේබල් 08ක් සොයාගෙන ඇති බව සඳහන්ය.

සොයාගත් දුරකථන උපාංග තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.