ඇමති පෝල්රාජ්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ධූරය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර එම සංසදයේ සභාපතිනිය ලෙස අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රිජ් තේරීපත් වූවාය.

මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නව සභාපති ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රිජ්ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා තිලකරත්න එම යෝජනාව ස්ථිර කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරු ලෙස චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල රෝහිණි විජේරත්නගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහගේ ස්ථිරත්වයෙන් තේරීපත්විය.

සමන්මලී ගුණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්විගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ ස්ථිරත්වයෙන් නියෝජ්‍ය සම සභාපතිනියක් ලෙස තේරීපත්විය.

නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර සහ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර එක්ව සිටියහ.