විදෙස්ගත ශ්‍රමිකයින්ට නිකුත්කළ වාහන බලපත්‍ර ගැන විගණනයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට සම්පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකර ඇත.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව කථානායක අශෝක රන්වල අද (05) පැවසීය.

ඒ සම්බන්ධයෙන් 2022 මැයි 01 වනදා සිට 2023 සැප්තැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක කළ එම යෝජනාක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් එම විගණනය සිදුකර තිබෙන ලෙස ද වාර්තා වෙයි.