රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.38 ක බදු ආදායමක් වාර්තා කර ඇති අතර ශ්‍රී ලංකා රේගුව මහජනතාවගේ පහසුව වෙනුවෙන් නව යෙදවුම් 2ක් ද හඳුන්වා දී තිබෙයි.
එහි අතිරේක අධ්යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, ආනයන අපනයන නිශ්කාෂණය සහ ආනයනය කරන ලද රථ වාහනවල නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට එම යෙදවුම් නිර්මාණය කර ඇති බවය.