ලුණු නිෂ්පාදනයේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පෙන්වා දෙමින් සමාගම් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර ඇති අතර කර්මාන්ත අමාත්‍යාංශය හා සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කර ඇත.
අප මේ සම්බන්ධයෙන් ලංකා ලුණු සමාගමෙන් විමසීමක් කළ අතර, එහි සාමාන්‍යධිකාරී ආර්. එම්. ගුණරත්න මහතා සඳහන් කළේ, මේ වන විට ලුණු මෙට්‍රික් ටොන් 12 ක සංචිතයක් පවතින බවයි. එය, මාස දෙකක කාලයක් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව, ඔහු පැවසුවේ ය.
ආර්. එම්. ගුණරත්න මහතා සඳහන් කළේ, පැවති වර්ෂාධික කාලගුණ තත්ත්වයත් සමග පසුගිය කාලයේ ලුණු නිෂ්පාදනය අඩුවූ බවයි.
ඉදිරියේදී ඇති විය හැකි වැසි සහිත කාලගුණයත් සමග ලුණු නිෂ්පාදනයට පවතින අවදානම අවම කිරීම සඳහා ආනයනයට ආණ්ඩුවෙන් අවසර ඉල්ලූ බව, ඔහු සඳහන් කළේ ය.
මේ වන විට පරිභෝජන අවශ්‍යතාවට සරිලන ලුණු තොග, මෙරට තුළ ඇතත් ඇතමුන් ලුණු හිඟයක් ඇතැයි පවසමින් මිල ගණන්, ශීඝ්‍රයෙන් ඉහළ දමා ඇතැයි ද, ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.