හික්කඩුවේ ධීවරයෙකු මුහුදට වැටී ඇති අතුරුදන්

හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු පසුගිය 6 වැනිදා මුහුදට වැටී ඇති අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

එලෙස අතුරුදන්ව ඇත්තේ, පසුගිය මස 19 වැනිදා මුහුදු ගිය සිතුකපුතා නැමැති ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකි.

22 හැවිරිදි අදාළ ධීවරයා වුඩ්ලන්ඩ්වත්ත, ගෝනාපීනුවල පදිංචිකරුවෙකි.

පොලිසිය පැවසුවේ, අතුරුදන්ව සිටින අදාළ ධීවරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තාවී නොමැති බවයි.