ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, උපසභාපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයෙන් පත්වූ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු අද (10) පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාද සහභාගී විය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සනත් සුමනසිරි මහතාත් උපසභාපතිවරයා හැටියට සුමිත් පතිරගේ මහතාත් දිවුරුම් දුන් අතර මන්ත්‍රිවරියන් තිදෙනෙකු ඇතුළු මන්ත්‍රිවරු 13ක්ද මෙහිදී දිවුරුම් දෙනු ලැබීය.
සාගර ජලජ සම්පත් හා ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙහිදා කතාකරමින් කියා සිටියේ, ස්වේච්චාවෙන් වැඩකරන මේ වගේ ව්‍යාපාරයක් ලෝකයේ වෙනත් කිසිම රටක නොමැති බවයි.
එසේම ලංකාවේ පිහිට වූ පළමු ප්‍රාදේශීය සභාව හැටියට ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව බවට ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පත්කිරීමට කටයුතු කරන බවද රත්න ගමගේ මහතා පැවසීය.