2024 ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල තරගාවලිය අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා. පසුව ඒ පිළිබදව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනය සිදුකළ පරීක්ෂණයේදී දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට තහවුරු විය.
එම පරීක්ෂණයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කෙරුණු අතර පසුගිය සැප්තම්බර් මාසයේදී දික්වැල්ලට වසර 3 ක ක්‍රිකට් තහනමක් පැනවීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව එහි තීන්දුව අද (11) දින ප්‍රකාශයට පත් කළ අතර එහිදී දික්වැල්ලට පනවා තිබූ වසර 3 ක ක්‍රිකට් තහනම මාස 3 ක් දක්වා අඩුකර තිබෙන අතර එම තීන්දුව හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදීමෙන් පසු ඔවුන් විසින් ඊට අදාල ඉදිරි පියවර ගැනීමට නියමිතයි.