ධනංජය ද සිල්වාගෙන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තුවක්

,
Sri Lanka’s Dhananjaya de Silva celebrates scoring a hundred during the first day of their third test cricket match against Australia in Colombo, Sri Lanka, Saturday, Aug. 13, 2016. (AP Photo/Eranga Jayawardena)

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි තරග ඉනිම් වලදී තම කණ්ඩායමේ පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් පිරිස හොදින් ක්‍රීඩා කළ බව, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

ඔහු එසේ පැවසූවේ, ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය යටතේ, දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට සහභාගී වී ආපසු මෙරටට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දීය.

දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවත්, තවමත් අපට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ සදහා ඉදිරි දින වල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත, ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගාවලිය පිළිබඳ, තමන් දැඩි බලාපොරොත්තු තබා ගෙන ඇති බව ද පැවසීය.