සමුපකාර ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්

පසුගියදා පැවති විවිධ සේවා සමූපකාර සමිති නිල වරණයෙන් ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා.

එහිදී කඩුවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ ප්‍රාදේශික 32ක් සඳහා ඉදිරිපත් කළ සියලුම ජාතික ජනබලවේගයේ නියෝජිතයින් ජයග්‍රහණය ලබා තිබෙන අතර මීරිගම සමූපකාර නිලවරණයේදී ද ජාතික ජනබලවේග කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.

ප්‍රාදේශික 54න් 51ක සභිකයින් 100ක් අතුරින් 95 දෙනෙකුම ජයග්‍රහණය ලැබීම විශේෂත්වයකි.

හික්කඩුව විවිධසේවා සමූපකාර සමිති නිල වරණයේ ජයග්‍රහණය හිමිවූයේද ජාතික ජන බලවේගයටයි. එහිදී ප්‍රාදේශික 19න් 17කම බලය පිහිටුවමින් ජාතික ජනබලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තා.