වගා වනසන සතුන් පාලන ක්‍රම කියන්න දැන් මහජනයාට ඉඩක්

ශ්‍රී ලංකාව තුළ වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙනවා.

මෙම වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට වන සතුන් පලවා හැරීමේ ක්‍රමවේද ලෙස දැනට අමාත්‍යාංශය හා අදාළ ආයතන මගින් වායු රයිපල් භාවිතය හා ආරක්ෂිත වැටවල් යෙදීම වැනි ක්‍රම මෙන්ම රිළා ගහනය පාලනය කිරීමට අලුතින් රිළා ව්‍යන්ද්‍යාකරණය ක්‍රියාත්මක කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා ඇත්තේ.

එහිදී මෙමගින් වගා හානිවල අඩුවීමක් දක්නට නොමැති හෙයින් වන සතුන් පාලනය සම්බන්ධයෙන් එම ක්‍රමවේදවලට අමතරව වෙනත් ක්‍රම හෝ අදහස් ඇතොත් ඒවා කෙටි ව්‍යාපෘති යෝජනා ලෙස සකසා මෙම දෙසැම්බර් 28 ට පෙර addlsecdey@agrimin.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 0770440590 දරන වට්ස් ඇප් අංකයට යොමු කරන මෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මෙරට විද්වතුන් ,පරිසරවේදීන් ඇතුළු සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිට ද ඇත.