කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

, ,

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයට තවත් සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් අද (16) දිනයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ පළමු වරට ඒකක 14500 සීමාව ඉක්මවා ගියේය.

ඒකක 295.10 ක විශාල අගයකින් සියලු කොටස් මිල දර්ශකය ඊයේ ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14500.44 ක් ලෙසින් වාර්තා විය. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 2.08 ක වර්ධනයක් වේ.

මේ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 111.97 ක හෙවත් සියයට 2.64 ක කැපීපෙනෙන ඉහළ යාමක් ඊයේ දින වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4356.42 ක් ලෙසින් එහි අගය වාර්තා විය.

මේ අතර රු. බිලියන 8.27 ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් ද ඊයේ දින වාර්තා වීම ද විශේෂත්වයකි.