පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලුම අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවයි එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු සදහන් කළේ.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාර දීමට ලබාදී තිබු කාලය මේ මස 6 වැනිදායින් අවසන් වුණා.