යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් රුසියානු ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

TOPSHOT – Russian President and presidential candidate Vladimir Putin meets with the media at his campaign headquarters in Moscow on March 18, 2024. (Photo by NATALIA KOLESNIKOVA / POOL / AFP) (Photo by NATALIA KOLESNIKOVA/POOL/AFP via Getty Images)

යුක්‍රේනයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

ඒ, රුසියාවේ කසාන් නුවරට යුක්‍රේනය ඊයේ එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙසයි.

යම් පාර්ශවයක් සිය රටේ යම් වස්තුවක් විනාශ කිරීමට උත්සහ දරන්නේ නම්, එම රටට ඊට වඩා දෙතුන් ගුණයක් වැඩි ඛේදවාචකයට මුහුණදීමට සිදුවනු ඇතැයි පුටින් අනතුරු අඟවයි.

ඔහු සඳහන් කළේ, යුක්‍රේනය එල්ල කළ ප්‍රහාර වලින් සිදුවූ හානි කඩිනමින් යථා තත්වයට පත් කර සිය රට තවත් ඉදිරියට යන බවයි.

යුක්‍රේනය ඊයේ රුසියාවේ කසාන් නුවරට ඩ්‍රෝන ප්‍රහාර 8 ක් එල්ල කර ඇති අතර ඉන් ප්‍රහාර 6 ක් එල්ල වූයේ නේවාසික ගොඩනැඟිලි ඉලක්ක කර ගනිමින් ය.