Clean Sri Lanka වැඩසටහනට අනුමැතිය

පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කරමින් චක්‍රීය ආර්ථිකයක් නිර්මාණය කරන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024-12-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති පරිදි “Clean Sri Lanka ” වැඩසටහනට අනුගතව, තිරසර නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය උදෙසා ප්‍රජා සහභාගීත්වය මෙන්ම ප්‍රජා දැනුම්වත් භාවයෙහි ඇති වැදගත්කම හඳුනා ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම් වල නිරත වීම සඳහා සියලුම පුරවැසියන්ට හා පළාත් පාලන ආයතන වලට ඇති වගකීම් හා බැඳීම තහවුරු කිරීම අරමුණු කර ගනිමින්, ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව, පළාත් පාලන බල ප්‍රදේශ පදනම් කර ගනිමින් යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.