ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්රධානී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ පස්වරුවේ අභාවප්රාප්ත වී තිබෙනවා.
නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධිරාජා මහතා රෝහල්ගත කරනු ලැබුවා.
යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදීයි ඔහු අභාවප්රාප්ත වී ඇත්තේ.
මිය යන විට ඒ මහතා 82වියේ පසු වුණා.