වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්

වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාවට අදාළ ගෙවීම් අද (20) සිට සිදු කිරීමට නියමිත බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම් දෙනවා.

එම කාර්යාලය සඳහන් කර ඇත්තේ, මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල්, උප තැපැල් කාර්යාල හරහා ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.

කෙසේවෙතත්, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරනු ලබන බව වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසා තිබෙනවා.