
ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (06) පැවති තරගයේ දී තෙවන විනිසුරුවරයා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ මෙම තරගයේ හතරවන පන්දුවාරයේ පළමුව පන්දුවේ දී ප්රධාන විනිසුරුවරයා ලබාදුන් දැවීයාමේ තීන්දුව තෙවන විනිසුරුවරයා නොදැවී යාමක් ලෙස ප්රකාශයට පත්කිරීම සම්බන්ධයෙන්.
තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට බලාපොරොත්තු වන බව ශ්රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කළා.