වසර 70කට පමණ පසු ඉතිහාසය නැවත වරක් ලියමින් එක්සත් ජනපද ජනාධිපතිවරණයේ පෙර වසරේ තරගකරුවන් නැවත වරක් ජනපතිවරණ තරගකරුවන් ලෙස තේරී පත්ව තිබෙනවා.
ඒ පසුගියදා වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාම සිය පක්ෂවල නාමයෝජනා ලබා ගැනීමත් සමගයි.
නාමයෝජනා දිනා ගැනීම සඳහා ජෝ බයිඩ්න් හට නියෝජිතයින් 1,968 ක් අවශ්‍ය වූ අතර ජෝර්ජියාවේ ප්‍රාථමික තරඟයේ ප්‍රතිඵල සමගින් අඟහරුවාදා රාත්‍රියේ ඔහු එම සංඛ්‍යාව දිනා ගැනිමට සමත් වූ බව සඳහන්.
මිසිසිපි, වොෂින්ටන් ප්‍රාන්තය, උතුරු මරියානා දූපත් සහ විදේශයන්හි වෙසෙන ඩිමොක්රටික් පාක්ෂිකයින්ගෙන් ද ප්‍රතිඵලවලින් ජෝ බයිඩ්න්ට සහය ලැබී තිබුණා.
පැය කිහිපයකට පසුව, 2020 ජනපතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ ගත් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය සුරක්ෂිත කිරීමට අවශ්‍ය නියෝජිතයින් 1,215 ක් ලබා ගැනිමට සමත්ව තිබෙනවා.