හමාස් නායක ඉස්මයිල් හනියේ අද (26) ඉරානයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වනවා.
ඉරාන බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ඔහු එරටට යන බව සඳහන් වෙයි.
ඔක්තෝබර් 07 වනදා හමාස් – ඊශ්‍රායල ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව හමාස් නායකයා ඉරානය ට යන දෙවැනි අවස්ථාව මෙය වෙයි.
හමාස් සංවිධානයේ ප්‍රධාන සහායකයා ඉරානය යි. ගාසා තීරයේ ගැටුම් සඳහා වහාම සටන් විරාමයක් අවශ්‍ය බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඊයේ සම්මත කළ යෝජනාව සම්බන්ධයෙන් ද හමාස් නායකයා සිය ප්‍රසාදය ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.